Pages

Subscribe:

Monday, August 6, 2018

Sanasenna Hithawathiya (සැනසෙන්න හිතවතිය) - Krishantha Erandaka



සැනසෙන්න හිතවතිය
ලොව කාට හෝ හිමිව
කැදැල්ලක් අහිමි වූ
කුරුල්ලා මං
නෑ දුකක් කිරිල්ලිය
නුඹ සැපෙන් නම්... .

කලක සිට වසන්තය
ලෙඩින් වැටිලා ගෙදර
පෙම් පැතුම් නෑ මගේ
සිහින වල දැන්
ඒ වුණත් නුඹට හරි
ආදරෙයි මං... .

අතේ එල්ලී නිතර
සරන අග හිඟ අතර
ඔබ අහිමි දුක හිතට
ගොඩ වුණත් දැන්
ඔබ සැපෙන් ඇති සිතා
සතුටු වෙම් මං...




පද - රවී සිරිවර්ධන
සංගීතය - නාලක අංජන කුමාර
ගායනය - ක්‍රිෂාන්ත එරන්දක




Saturday, June 9, 2018

Nuba Nubema Witharak Nam (නුබ නුබේම විතරක් නම් - Dumal & Uresha



නුබ නුබේම විතරක් නම් ..
නුබට යන්න තිබුනා ..

නුබ නුබේම විතරක් නම් ..
නුබට යන්න තිබුනා ..
මම මගේම විතරක් නම්
නුබේ වෙන්න තිබුනා ..
මට නුබේ වෙන්න තිබුනා..

මගෙ හද විමනේ දේවතාවියේ ..
නුබ සෙවූ පෙම් ලෝකේ
නුබේ ඇසින් පෙනුනා ...
මගෙ දෙව් විමනට දොර අරුනා ..
මා නුබෙන්ම ලද මේ දිවියේ ..
දැන් මා මගේ නොවේ ..

නුබ නුබේම විතරක් නම් ..


Artist - Dumal Warnakulasuriya & Uresha Ravihari
Lyrics - Amila Thenuwara
Music - Darshana Ruwan Dissanayake
♪ Rana Teledrama Theme Song ♫






Saturday, May 26, 2018

Nethata Netha Muna Gasunu daa (නෙතට නෙත මුණ ගැසුන දා) - Amarasiri Peiris


නෙතට නෙත මුණ ගැසුන දා නුඹ
නොදැක්කා සේ ගියා නම්
හිත පුරා විඳි තනිකමක් නැහැ
නුඹට මම පෙම් නොකළ නම් ...

මගේ ඇසිපිය යට තියාගෙන
රැක ගත්ත රුව බොඳ වෙලා
මට මමත් හිමි නැති තරම් පෙම් කළ
නුඹත් මා හැර ගිහිල්ලා
නුඹ කොහේ දෝ දුර ගිහිල්ලා ....

හද රිදුම් දී ඉපි ද මිය යයි
මතකයේ ඇයි රැඳෙන්නේ
කිසි දිනක නොලැබෙන නිසා දෝ
මේ තරම් මට දැනෙන්නේ
නුඹ මේ තරම් මට දැනෙන්නේ ....


පද - දසුන් වසන්ත
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
ගායනය - අමරසිරි පීරිස්



 

Tuesday, May 22, 2018

Ginna Mihi Matha (ගින්න මිහිමත) - Damith Asanka



ගින්න මිහිමත හිරකරන්
පොළව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරන්
සුසුම් හිත රිදවන තරම්

පින්න දෙපයට යටකරන්
ඉන්න තුරු හිස මල් දරන්
දන්නවද මගෙ රත්තරන්
කදුළු හංගන හැටි හොරෙන්

අහස් ගැබ තරු ඇස් ඇරන්
ඉන්නේ මුළු රෑ නිදි වරන්
දන්නවද ඔබ රත්තරන්
ඔබව මට සිහිවන තරම්

යන්න දී ඈතට මගෙන්
ඉන්න හැටි හිත තද කරන්
දන්නෙ නෑ ඔබ රත්තරං
ආදරේ විදවන තරං..........


ගායනය : දමිත් අසංක
සංගීතය : නාලක අංජන කුමාර
ගේය පද : නාරද විජයසූරිය 


Me Ridum (මේ රිදුම්) - Damith Asanka



මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැක ගන්න ඔබ එන්න එය සැනසුමක්
උනදේ උනා හඩලා දැන් නැහැ ඵලක්
ඔබ ඉන්න සතුටින්ම මගේ ජිවිතේ අරන්

මෙ රිදුමි ඉකිගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා...//

හිනැහෙන්න කාරනා දහසකුත් නැතත්
රිදවන්නමයි හිතුවෙ ඔබමා තවත්
සැනසෙන්න දුන් පැතුමි අරගෙන යලිත්
හිතකින්ද හැර ගියේ සොදුරියේ කියන්....

දුර යන්න හැකි උනත් මා හැර හුගක්
ඔබ නැතුව මට යන්න බැහැ පියවරක්
හැමදේම නැති වෙලා තනි උනු බවක්
නැහැ කවුරැවත් දන්නේ ඔය හිත තරමි....


Artist - Damith Asanka
Music - Priyantha Nawalage
Lyrics - Rajanganaye Hamuduruwo





Wednesday, April 18, 2018

Epa Yali Hamuwanna (එපා යළි හමුවන්න) - Sunil Edirisinghe



එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලායයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ

ඔබ මවෙත තිලිණ කළ ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයා ය
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න...


ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - ඩිෂාන් නානායක්කාර
ගී තනුව - කරුණාරත්න විජේවර්ධන 


 

Hade kothanaka ho (හදේ කොතැනක) - Sunil Edirisinghe


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන වෙලා
හස රැහැනින් පෙළයි මා
මුදා සුව දැහැනින්...

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද
තනිවෙනා මොහොතින්...

හදේ කොතැනක හෝ........

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
ඔබ මැකී යනු මතකෙන්...

හදේ කොතැනක හෝ........


ගායනය - සුනිල් එදිරිසිංහය
ගී පද - කුමාර දාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ 



Viyo Wu Pasuwai Danenne (වියෝ වූ පසුවයි) - Sunil Edirisinghe


වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි...

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...

වියෝවූ පසුවයි දැනෙන්නේ....


ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - බන්ධුල නානායක්කාරවසම්
සංගීතය - රෝහණ වීරසිංහ


Yasodara (යශෝධරා) - Sanath Nandasiri



යශෝධරා...... යශෝධරා......

සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

යශෝධරා...... යශෝධරා......

එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබින නිබඳවම සියළු වෙර
සමාධියෙන් සිත ඈත දිවෙන විට
පමා නොවී යලි ඇවිදින් මේ දෙස

සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

යශෝධරා...... යශෝධරා......

එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබින නිබඳවම සියළු වෙර
දයා සිතින් එක බැල්මක් දී නෙත
එයින් මැකී යයි යශෝධරා වත

සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

යශෝධරා...... යශෝධරා......


ගායනය / සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි
ගී පද - සුනිල් සරත් පෙරේරා




Tuesday, April 17, 2018

Kaath kawruwath (කාත් කවුරුවත් නැති ලොවකට යමු) - Malani Bulathsinghala/Sunil Siriwardana


කාත් කවුරුවත් නැති ලොවකට යමු
ඒ ලොව තනි වී පෙම් බස් දොඩවමු
නෑ අපි ලොව මිනිසුන් අතරේ ඉමු
ඔබෙත් මගෙත් සිත් තව හඳුනා ගමු... .

නුරා දෑස් දල්වාලන දෙනුවන
සරා හැඟුම් පුබුදාලන දෙලවන
මම ඔබ හඳුනමි ඔබේ ආදරේ
කුසුම් කුමාරිය දිවි යහනේ... .

මලානිකව මිය යනු ඇත දෙනුවන
එයින් සදා ලොව සැඟවෙයි දෙලවන
මම ඔබ නොදනිමි ඔබේ ආදරේ
විලාපයයි හෙට දිවි සොහොනේ .


ගායනය - මාලනී බුලත්සිංහල
                   සුනිල් සිරිවර්ධන


Saturday, April 14, 2018

Oba Navoth Heta(ඔබ නාවොත් හෙට) - Kasun Kalhara/Saheli Rochana Gamage



ඔබ නාවොත් හෙට උදෑසන අරං
මට රැය විතරයි අයිති නොරිකො සං
රැය හරිම දිගයි දෙවෙන්දොරා සං
මට එන්න හිතයි ඔබ සොයා ඉතිං...

මගේ කඳුළු බිඳු පෙමට පෙරලමින්
ඔබ උන්නු දවස් මතකයිද කියන්
ඒ අතීතයම හදවතේ ඉඳන්
මට රිදවූ හැටි ඇවිත් කියන්නම්...

සිහිනයක් නැතී අන්ධකාරයෙන්
නෙතු පියා ගන්න අවසරයි ඉතිං
හෙට උදේ ඇවිත් හැම කඳුළ ම මං
යළි ආදරයට පෙරලා දෙන්නම්...


පද - අමිල තේනුවර 
සංගීතය -දර්ශන රැවන් දිසානායක 
ගායනය - කසුන් කල්හාර 
                 - සහේලි රෝචනා ගමගේ 


Saturday, April 7, 2018

Aya Yanna Giya Makila (ඇය යන්න ගියා මැකිලා) - Amarasiri Peiris



ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා...

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා...

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර



පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - විශාරද අමරසිරි පීරිස්




Oba Ayemath Awidin (ඔබ ආයෙමත් ඇවිදින්) - Amarasiri Peiris


ඔබ ආයෙමත් ඇවිදින්

ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගුකාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපි සැලුනත් කොයිතරම්
එක මලක්වත් සුවද නැතිවිය ඔබ තරම්
ඔබ නොදැක සිටි දිගු කාලයේ
නෙතු කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්


Singer : Amarasiri Peiris
Lyrics : Dhammika Bandara
Music : Denister Perera




(ඇරඹුමම කඳුලක්‌ වෙලා) - Kasun Kalhara


ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා


දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා


ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා


Singer : Kasun Kalhara
Lyrics  : Dileepa Abeysekara
Music  : Nalaka Anjana Kumara 







Dethol Vila (දෙතොල් විල මත) - Kasun Kalhara


දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න
විසල් ලොව පෙරසේම අසිරිය දකින්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගී වැල් ගයන්
සේල යහනේ වරු ගණන් නිදි වරන්න
දිනක් ඒවිද අයෙමත් මට කියන්න

ළඟම රැඳෙමින් කඳුළු හසරැල් විඳින්
 රසම රස බත් කටක් අයෙත් කවන්
හුරු පුරුද ලෙස ඔබේ තුරුලේ වෙලෙන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න


Artist - Kasun Kalhara
Music - Sarath De Alwis
Lyrics - Nisanga Mayadunne




Sponsers