Pages

Subscribe:

Tuesday, June 15, 2021

(මං බොලද වියේ බැදි ආදරේ) - Shirley Waijayantha

මං බොලද වියේ බැදි ආදරේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්

ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා‍ සිතුමන් හසුවේවී මදනල අතරේ

අතිනත ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ

 

Pem Kawak Liyu Numba (පෙම් කවක් ලියූ නුඹ) - Karunarathna Divulgane

 පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්  නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්
 
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසම්
සඳ එලිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැදුනාට රත්තරනේ

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - සුරම්‍යා මාපිටිය
සංගීතය - නන්දසේන කටුවාවල

Download




Saturday, April 17, 2021

Oba Paa Pem Sina (ඔබ පෑ පෙම් සිනා) - Prince Udaya Priyantha

ඔබ පෑ පෙම් සිනා
මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ
රැක බලා ගන්නෙමි

කවුළුවකින් දෑස් අයා
පෙර මඟ බලා හිඳී
ඔබ තුරුලේ හිඳ නැලවී ඉන්නට
දෑඟිලි ගනින්නෙමි

මුකුළු කතා ඔබ ගොතනා
මිහිරියි සවන් පුරා
ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
මා බිළිඳෙක් වේවී

Download



Monday, March 22, 2021

Me Irai Handai Thani Ahasaka (මේ ඉරයි හඳයි තනි අහසක) - Amarasiri Peiris

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර සවසක
හීන මවනවද හිර වී හිමි නැති පපුවක

රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට

අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල

පද - නාරද විජේසූරිය
සංගීතය - කපිල අපරැක්ක
ගායනය - අමරසිරි පීරිස්

 Download

 


 

Pemwathun Sinase (පෙම්වතුන් සිනාසේ) - Prince Udaya Priyantha

පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවී
විසඳුම් සොයනු කෙසේ

මා තුරුලේ හිඳිනා උනුසුම් යහනාවේ
ඉකිබිඳිමින් හැඬුවා මතකද ගංතීරේ
මගෙ ලොව ඔබවේ නම්  සැකයෙන් ඇයිද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ

මල හිරු බැස යද්දී සඳු පායා ඒවී
අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ
අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ

Singer       :  Prince Udaya Priyantha
Composer :  Nihal Gamhewa
Lyricist      : Nihal Gamhewa

Download


 

Tuesday, March 16, 2021

Sowin Piri Mage Hadawatha (සොවින් පිරී මගේ හදවත) - Sanath Nandasiri

සොවින් පිරී මගේ හදවත තුළින් මතු වෙවී පිටවන
හැඟුම් කැටී ගැසී ගෙන දේ සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
තිබෙන්නා වූ ලෙසට දැනේ ගතට වේදනා

ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බර වී
දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
කනත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී

දෙ අත් සහ දෙපා කොර වී නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී

Artist  : Sanath Nandasiri
Lyrics : Piyal Premanath Jayathilaka
Music  : Sanath Nandasiri


Download





Monday, March 15, 2021

(තනිවෙන්න ඉඩදෙන්න) - Ajith Ariyarathna

තනිවෙන්න ඉඩ දෙන්න
මටයි මගේ හිතටයි
වැලපෙන්න ඉඩ දෙන්න
මටයි මගේ නෙතටයි

යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
සැගවුනි මතකයෙ අග රහසේ
පෙම්කල සිතකට සාප නොකල මැන
වෙන හිතකට පෙම් කල දවසේ

මැකුනු අතීතේ නටබුන් අතරේ
මා තනිවූ දා දිවිකතරේ
වසන්තයේ තුම්මංසල අභියස
ඔබ ඇත ඔහු සුලැඟිලි අතරේ

 Vocal - Ajith Ariyarathna

Download



බ මගෙ සෙනෙහස යදින දිනේ) - Indrajith Dolamulla

ඔබ මගෙ සෙනෙහස යදින දිනේ
මගෙ සිත නැත උණුසුම දුටුවේ
මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ

පෙණපිඩු නංවා සිනා සලා ගෙන
ඈත දියඹ සිට ඔබ ආවා
නිහඬ මුවින් මා වෙරළක් වී හිඳ
ඒ රළ පෙළ මා රිදවූවා

සීතල තරුමල් සුසුම් හෙලන රෑ
තනිකම මගෙ සිත රිදවද්දී
ඔබෙ සුවඳ මා සොයා ඇදුණු දා
ඔබේ සිනා නැත මට හිමිවී

Lyrics - Ranjith Daluwathta
Melody - Indrajith Dolamulla
Vocal  - Indrajith Dolamulla

Download





Sunday, February 14, 2021

Oba Himi Nathi Bawa (ඔබ හිමි නැති බව දැන දැනමයි) - Chandana Liyanarachchi

ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
මගෙ හිත මට වද දෙන එකමයි උනේ හැම වෙලේ
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

සිහින බිඳෙයි කියලා රෑ එළි නොවී තියෙයි
අහිමි ඔයා පතලා වේදනා තව වැඩි වෙයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

ඉවර උනොත් හඬලා මගෙ හිත සැහැල්ලු වෙයි
හිතට දුකයි කියලා නුඹ මා ළඟට නොඑයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

Lyrics - Sheela Perera Koniaris
Vocals - Chandana Liyanarachchi
Music  - Priyantha Nawala


 

Tuesday, January 26, 2021

Heena Pena Hama Rekama (හීන පේන හැම රෑකම) - Harshana Dissanayake

හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
ලේන කුලේ සිට නුඹ මට යශෝදරාවකි
නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි
ආලවන්තකම ළඳුනේ පාරමිතාවකී...

පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ
මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ
පාළොස්වක සඳ ඉල්ලා මාසෙ පෝය දිනේ
මේ ඇස් දෙක ළඟ නාඩන් එතකොට දුක දැනේ...

පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
මාලිඟාව මගේ වගේ දැනුනා සොඳුරියේ
වාවගන්න බැරි තනිකම හිරකර මගෙ ළයේ
ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ...

Artist : Harshana Dissanayake
Lyrics :  Nandasiri Keembiyahetti
Music : Darshana Wickramatunga




Monday, January 25, 2021

Lowama Epa Eee (ලොවම එපා වී) - Nanda Malani

ලොවම එපා වී...
ලොවම කලකිරී...
දැවී දැවී හිදිනා වේලේ...
ඔබේ දයාබර එකම වදනකින්...
මගේ ආත්මය සුවපත් වේ...

අසා අසෝබන නින්දා ගැරහුම්...
වැලහින්නක සේ වැලපෙන මොහොතේ...
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිතවු හද සිහිලැල් වේ...

ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ...
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළු ගැන් වුන සිත උණුසුම් වේ....

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - විශාරද නන්දා මාලිනී

 DOWNLOAD

 



Sitha Oba Pamula (සිත ඔබ පාමුල රදවා) - Deepika Priyadarshani

සිත ඔබ පාමුල රදවා
බිදි සෙනෙහස ගිණි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොමවේවා

අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ
සදා රැදේවා ඔබේ ලොවේ

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ
සදා රැදේවා ඔබේ හදේ

ගායනය       :- විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය   :- කුලරත්න ආරියවංශ
සංගීතය       :- ආචාර්ය රෝහණ වීරසිංහ




Sina Thotak Viya (සිනා තොටක් විය) - Nirosha Virajini

සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...

බෝසත් ඔබ සිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

ගායනය - නිරෝෂා විරාජිනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද      - බන්දුල නානායක්කාරවසම්

 


 

Sunday, January 24, 2021

Poddiye (පොඩ්ඩියේ ) - Sadara Bandara

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම

තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට….

දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

Lyrics - Timran Keerthi
Vocals - Sadara Bandara
Melody & Music - Sadara Bandara

 


 

Ananthayata Yanawamai (අනන්තයට යනවාමයි) - Senaka Batagoda

සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

Artist    - Senaka Batagoda
Melody - Senaka Batagoda
Lyrics    - Senaka Batagoda




 

Diyawanna Kumariye (දියවන්නා කුමාරියේ) - By Naada

දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ
දෙරණට සඳ පලුව එබෙනවා
හීන ගේන සීනි බෝල තක්ෂිලාව වට කරලා
මගේ පුතා අකුරු කරනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා

හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා
ඉඩෝරයට හේතු හොයනවා
දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා
ස්වර්ගයට යන්න හදනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා

පත්තිනියේ නුඹ නාඩන් ඇය එතෙරක කාසි සොයයි
ඒ කාසි රජුන් තනනවා
රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා
නිවන් යන්න පාර අහනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා

Lyrics & Melody - Iresh Wannakukorala
Music Arrangements - NAADA





Monday, January 18, 2021

Kalambee Hamana (කැළඹී හමනා) - Deweni inima Teledrama song

කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලා
රහසේ පතනා සුවඳක් වී බැඳෙනා
දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා
මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා...

තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ
සිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝ
දැනෙනා සිත විඳිනා මේ ආදරයම පතනා
නොනිදා සයනේ පතමී රූ මවා

ලං උනිදෝ දැනෙනා තනිකම හෝ
ආදරෙ දැනිලා ලං වීලා ඒවිදෝ
සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා
නොනිදා සයනේ පතමී රූ මවා

Artist - Nimanthi Chamodini
Melody & Music - Nimesh Kulasinghe
Lyrics - Shehan Galahitiyawa





 

Kowulek Motada (කොවුලෙක් මොටද) - Samanalee Fonseka

කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා

රුවලක් මොටද
සුළඟක් එන තුරු සිටිනා
හබලක් වෙයන්
ඔරුවක් වෙරළට ගේනා

නටුවක් මොටද
මට ලා සුළඟට වැනෙනා
කටුවක් වෙයන්
මල් නටුවක් මුර කරනා

කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා

Artist - Samanalee Fonseka
Lyrics - Sujeewa Hettithanthi
Music - Aruna Gunawardana



 

 

Tuesday, January 5, 2021

Awasan Husma (අවසන් හුස්ම) - Krishantha Erandaka

අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න

මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය
පෙම්ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම
රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට
මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම

පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර
මම නැති දාක නපුරක් නුඹ හට වේද
තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය

Artist : Krishantha Erandake
Lyrics : Rasika D. Duminda
Music : Darshana Wickramatunga

 


Sponsers