Pages

Subscribe:

Thursday, September 17, 2020

Sanda Vee Hade (සඳ වී හදේ) - Damith Asanka

සඳ වී හදේ පායන් ඉතින් රන් තාරුකා මල් වැල් අරන්
මුදු සීත වැල් අතරින් ඇවිත්  දෝතින් බදා
සිපගම් සෙමින්  කදුලින් උපන් සෙනෙහේ නමින්
දිවි ඇති තුරා  හැර දා නොයන්

මේ රාත්‍රියේ දැනෙන තනිකම් ලගින්
ඔබේ ආදරේ සුවද ගෙන එයි සෙමින්
සංසාරයේ පැතුව පැතුමක් ලෙසින්
ඔබ ලන් උනේ හදට සුළගක් ලෙසින්
පිදු ප්‍රේමයේ සොදුරු පිරිසිදු හදින්
දුක් වේදනා දුරු වෙයි ඉතින්

මේ ජිවිතේ මිහිර පැතුවා සිතින්
එය හිමි උනේ ලබැදී ඔබගේ නමින්
රැදුනා හදේ ඔබව සිතුවම් ලෙසින්
බැදුනේ පෙමින් ලොවට රහසින් ඇවිත්
පෙම් ලෝකයේ කිරුල සුරතින් අරන්
එන්නම් සොයා සනසා නුවන්

Artist - Damith Asanka





Monday, August 10, 2020

Me Anantha Rathriye (මේ අනන්ත රාත්‍රියේ ) - Damith Asanka

මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

ජිවිතේට මන් කියු තරකාවියේ
ජිවිතේට මන් කියු තරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ

අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ

මේ අනන්ත රාත්රීයේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ





Tuesday, August 4, 2020

Sadakalika Nowu Loke (සදාකාලික නොවූ ලෝකේ) - Sunil Edirisinghe

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ හදවත
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
සරා සඳ සේ පෑදිලා

එදා ළඟ සිට දුටුව නුඹ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ


Artist : Sunil Edirisingha
Lyrics : Ananda Kumarasiri
Composer : Rohana Weerasinghe




Sponsers