Pages

Subscribe:

Saturday, September 21, 2019

Mata Aradanawak Kalado (මට ආරාධනාවක් කලාදෝ) - Waradath Aravinda


මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ..ආදරෙයි ..සැමදා මා..

මල් යාය කිදේ මට වාසනාවන්ත
සුවදින් නැවුම් ගී ලියා දී වගේ
පෙර අත් භවේ දී බැදුනා වගේ
ඔබ ආවාද මගේ ලොවට අරුණෝද වී

දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
මට පාර පෙන් වු තරු නෙත් ඔබේ
රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නෙ‍හයේ

Singer         :  Waradath Aravinda
Composer    :  Unknown
Lyricist        : 
Unknown








Sanda Manaliye (සද මනාලියේ) - Keshan Shashindra

සද මනාලියේ ඈතට යන
මා තනි කරලා
දුර හිමාලයේ සීතල රැදි
මේ හිත දවලා
තරු කඩා හැලේ නා දලු සිද
හිත නෑ බිදලා
මගෙ මනාලියේ මා හැර යන
නාඩන් මතු දා

ආදර අහසේ
මේ කුළු යහනේ
මගෙ තුරුලට වෙලා
තරුත් පාට කලා
මගෙ ලග හිදලා

මා නෙතු දැහැනේ
දේදුනු සිහිනේ මකා
සදවත ගියා
රනින් මාල සොයා
මගෙ ලග හිදලා

Singer         :  Keshan Sashindra
Composer    :  Ranjith Premaweera
Lyricist        :  Tharinda Kasun Jayawardhana


 



Sunday, July 7, 2019

Sihina Asapuwe (සිහින අසපුවේ ඔබ හා මා) - Chandana Liyanarachchi


සිහින අසපුවේ ඔබ හා මා
රැඳී සිටින්නම් තුරුළු වෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවන්නම්
තරු රෑනේ..තනි තරුවේ
ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී

රුවට මුලා වී සිතට වහල් වී
ඔබ පතනා ආදරය නොවේ
එලෙස කියන්නට මසිත යෙදී
ඔබ හඳුනාගනු බැරිව නිතී
පිවිතුරු සෙනෙහස මා දනිමි

සැම සිතුවිල්ලක ඔබ පැටලේ
නිමක් නොවේ හදවත රිද්මේ
සොඳුරු ලොවක හමුවන්න පෙරුම්
ගතින් සිතින් එක්වෙමුද ඉතින්
හඳුනාගමු පැහැදිලිව අපී

ගායනය              - Chandana Liyanarachchi
සංගීතය, ගී පද -  Nihal Gamhewa





Hari Adarayen Ma Langa Inna (හරි ආදරයෙන් මා ළඟ ඉන්න) - Lakshman Hewawitharana


හරි ආදරයෙන් මා ළඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනාවෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගේම මට ඉන්න

නුඹ නිතර සිඹින මේ ඉහ මතට
ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම
දුක දැනෙන ඇඬෙන මේ ඇස් දෙකට
ආදරේ කිවේ ඇත්තට නොවේද

දෙවිවරුන් පවා මියැදෙන වනක
මට පුදුමත් නෑ මගෙ මේ කඳුල
නුඹ සුළඟ ඉතින් මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න

ගායනය        - Lakshman Hewawitharana
සංගීතය       -  H.M Jayawardana  
පද රචනය   -  Ananda Hewaranhidage   



Tuesday, July 2, 2019

Oba Ma Hamu We Nam (ඔබ මා හමුවේ නම්) - Jagath Wickramasinghe


ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී
පිනි කදුලක් සේ
මැකී ගිහින් ‍සිතේ ඉතිරි වූ
එකම කතාවක් යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්

සිනා පිරුනු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවුනු මාවත වෙන් වී
මහ පවුරක් සේ
නැගී ඇවිත් මුවේ පිපේ නම්
එකම සිනාවක් යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්

ගායනය        - Jagath Wickramasinghe
සංගීතය       -     
පද රචනය   -    





Matath Unna Kenek Issara (මටත් උන්නා කෙනෙක් ඉස්සර) - Raween Kanishka


මටත් උන්නා කෙනෙක් ඉස්සර
මතක විතරක් ඉතිරි කර ගිය
නුඹත් ආවෙ එවන් දවසක
මතක පොත ඉකි ගසා වැලපෙන
එවන් දවසක

ඇයත් ඔහොමයි නුඹත් ඒ වගෙමයි
මටත් දැනෙනා හැටිත් හරි පුදුමයි
ඈ තියා ගිය දුකම අහුලන්
නුඹත් ආ හැටි තවත් මට අරුමයි

මටත් උන්නා කෙනෙක් ඉස්සර

එදත් ඔහොමයි අදත් ඒ වගේමයි
කවුරු කවුරුත් ආ ගියා පමනයි
ඈ ලියා දුන් ඉරනමත් ගෙන
මා දෙපා තැබු නුවර හරි අමුතුයි

ගායනය        -    Raween Kanishka
සංගීතය       -     Nawarathna Gamage
පද රචනය   -    Mahesh Hewapathirana






Saturday, June 15, 2019

Hanthana Sihine Bala Walapemi (හන්තාන සිහිනේ) - Amaradeva W.D, Umaria Sinhawansa


බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත්මල
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ

වැහිපබලු යට රඟමඩල මැද
ඔබේ දෑතේ තුරුලු වෙන්නට
බිසෝ හැරගිය ලසෝ රඟහල අමාවක අදුරේ
නොයෙනු මැන ලදුනේ

වඩිනතුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇඳුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සඳ දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අර්ණේ

ගායනය       -    W.D අමරදේව
සංගීතය       -    ජනක සිරිවර්ධන
පද රචනය   -    අරුණ ගුණවර්ධන





Kohe Ho Numba Nathara We (කොහේ හෝ නුඹ) - Karunarathna Divulgane


කොහේ හෝ නුඹ නතර වි
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැතී නුඹ
මගේ නොවුනට කම් නැතී

උන්න දා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැතී

නුඹ ළඟත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - 
පද රචනය -



Sunday, June 9, 2019

Ra Duru Rata Me (රෑ දුරු රට මේ) - W D Amaradewa


රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ

කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ


ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස






Sunday, January 27, 2019

Kaurunda Kauluwa (කවුරුන්ද කවුළුව වැහුවේ) - Chamara Weerasinghe, Sashika Nisansala


කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
නවතින්න අවසරයි ප්‍රේමයෙන්...

කවුරුන්ද කවුළුව වැහුවේ...//

නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
යලි එන්න හැකිනම් ඉක්මනින්..

නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා..

කවුරුන්ද කවුළුව වැහුවේ...

ගායනය : චාමර වීරසිංහ, ශෂිකා නිසංසලා
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය : දිලුම් තේජන



Thursday, January 10, 2019

Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) - Deweni Inima Song


හැමදාම ඔය දෑස හමු නොවන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
නුඹ ගැන හිත හිතා මියයනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට

තරු දෑස මගේ නේද අතරමං වුණ
හොය හොයා මගේ දෑස වෙහෙස වෙනවාද
මං එක්ක යං කිව්ව ගමන එනවාද
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද

අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණු වී
හිතක් තවරා පෙමක ඔබත් නිහඩව හිදි
මටත් නොකියා ඔහොම ඉතිං දගකාර වී
හිතේ නවතින තුරුම ආදරය නොදැනුනි

නුඹ ගැන හිත හිත මියයනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවාද
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද

අවාරේ හමා යන සැඩ සුළං වැදි වැදි
රැකගත්තේ නුඹ තමයි පෙළා යන්නට නොදි
මලක් වී ගසක් යට සුවද දී වැටි වැටි
ඔයා හිනැහී ඉන්න හඩා කදුලක් නොවි

නුඹ ගැන හිත හිත මියයනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවාද
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..//


Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) - Deweni Inima

Song Artist - Keshan Shashindra / Kalpana Kavindi
Lyrics - Saman Edirimuni
Music - Nimesh Kulasinghe



Matath Thibuna Premayak - (මටත් තිබුණා ප්‍රේමයක්) - Chandana Liyanaarachchi


මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳ හිට
මතක දළු ලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්

කුළුඳුලේ හිත හීන හැඩ කළ
මතකයේ සිවුකොනම දඟ කළ
නිදි නැතිව රැය ගණන් එළි කළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුඳුලේ පිපි ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්....

නෙත් සරින් නෙතු වලට ඉඟි කළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතුව
මටත් තිබුණා ප්‍රේමයක්
අදත් නොමැරුණු ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්....

Artist : Chandana Liyanaarachchi
Lyrics : Rasika D. Duminda
Music : Darshana Wickramatunga


Hithin Yana Aya - (හිතින් යන අය) - Sanka Dineth & Victor Rathnayake













වසන් වන සඳ වලාකුළකට..
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

මවා දී තරු රටා අහසේ..
සිනා සී වුන් තරු කිනිත්තෙන්..
මලානික වූ පුංචි තරුවක්..
පොලෝ තලයට කඩා වැටුනා..
සරා සඳකට දරාගන්නට බෑ..

හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

නිවී යන තරුවක කතාවේ..
බිඳී ගිය මතකයේ සැමරුම්..
හිතේ ගැඹුරුම තැන තියාගෙන..
ආදරේ ඉකි බිඳුම් ඇසුනා..
මලානික ඇස් හිනාවෙන්නේ නෑ...

හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

වසන් වන සඳ...

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක, සංඛ දිනෙත්
පද රචනය : දිල්ශාන් පතිරන
සංගීතය : සංඛ දිනෙත්


Sponsers