මටත් උන්නා කෙනෙක් ඉස්සර
මතක විතරක් ඉතිරි කර ගිය
නුඹත් ආවෙ එවන් දවසක
මතක පොත ඉකි ගසා වැලපෙන
එවන් දවසක
ඇයත් ඔහොමයි නුඹත් ඒ වගෙමයි
මටත් දැනෙනා හැටිත් හරි පුදුමයි
ඈ තියා ගිය දුකම අහුලන්
නුඹත් ආ හැටි තවත් මට අරුමයි
මටත් උන්නා කෙනෙක් ඉස්සර
එදත් ඔහොමයි අදත් ඒ වගේමයි
කවුරු කවුරුත් ආ ගියා පමනයි
ඈ ලියා දුන් ඉරනමත් ගෙන
මා දෙපා තැබු නුවර හරි අමුතුයි
ගායනය - Raween Kanishka
සංගීතය - Nawarathna Gamage
පද රචනය - Mahesh Hewapathirana
0 comments:
Post a Comment