skip to main |
skip to sidebar
Nela Ganumata - (නෙලා ගැනුමට) - Suneera Sumanga
නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය
ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීමය
හිත්පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීමය
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය
පණ පිටින් මුළුසිරුර දන් දී
එකම හිතකට ලොබ බැඳීමය
ගායනය - සුනීර සුමංග
සංගීතය - කපිල අපරැක්ක
පබැඳුම - නාරද විජයසූරිය
0 comments:
Post a Comment