Pages

Subscribe:

Saturday, June 15, 2019

Hanthana Sihine Bala Walapemi (හන්තාන සිහිනේ) - Amaradeva W.D, Umaria Sinhawansa


බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත්මල
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ

වැහිපබලු යට රඟමඩල මැද
ඔබේ දෑතේ තුරුලු වෙන්නට
බිසෝ හැරගිය ලසෝ රඟහල අමාවක අදුරේ
නොයෙනු මැන ලදුනේ

වඩිනතුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇඳුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සඳ දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අර්ණේ

ගායනය       -    W.D අමරදේව
සංගීතය       -    ජනක සිරිවර්ධන
පද රචනය   -    අරුණ ගුණවර්ධන





Kohe Ho Numba Nathara We (කොහේ හෝ නුඹ) - Karunarathna Divulgane


කොහේ හෝ නුඹ නතර වි
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැතී නුඹ
මගේ නොවුනට කම් නැතී

උන්න දා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැතී

නුඹ ළඟත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - 
පද රචනය -



Sunday, June 9, 2019

Ra Duru Rata Me (රෑ දුරු රට මේ) - W D Amaradewa


රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ

කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ


ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස






Sponsers