Pages

Subscribe:

Monday, August 10, 2020

Me Anantha Rathriye (මේ අනන්ත රාත්‍රියේ ) - Damith Asanka

මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

ජිවිතේට මන් කියු තරකාවියේ
ජිවිතේට මන් කියු තරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ

අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ

මේ අනන්ත රාත්රීයේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ





Tuesday, August 4, 2020

Sadakalika Nowu Loke (සදාකාලික නොවූ ලෝකේ) - Sunil Edirisinghe

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ හදවත
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
සරා සඳ සේ පෑදිලා

එදා ළඟ සිට දුටුව නුඹ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ


Artist : Sunil Edirisingha
Lyrics : Ananda Kumarasiri
Composer : Rohana Weerasinghe




Sponsers