Pages

Subscribe:

Monday, August 31, 2026

Hithawathiya (හිතවතිය​) - Damith Asanka

ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද 

සෙවනැල්ල වගේ  ළගින් උන්න ඔබේ හිතට 

පාළු රැයක  මා තනිකර යන්න තරම් දුරක 

සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 

සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 


මේ මාවත් දිගේ ඇවිද එකතු කරපු මතක

තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩක 

හදාගන්න ඔයාගේ හිත අමතක කර මාව

සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 

සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 


මෙ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවද

මහා සැනසුසක් ගෙන එයි කදුුල පිරැන නෙතට

වරදක්වත් නොවි මගෙන් රිදවන්නට මෙහෙම

සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 

සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය


♪ Artist - Damith Asanka

♪ Music - ‪@PrageethPereraMusic‬ 

♪ Lyrics - Dinesh Sandaruwan