ඔබ මගෙ සෙනෙහස යදින දිනේ
මගෙ සිත නැත උණුසුම දුටුවේ
මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ
පෙණපිඩු නංවා සිනා සලා ගෙන
ඈත දියඹ සිට ඔබ ආවා
නිහඬ මුවින් මා වෙරළක් වී හිඳ
ඒ රළ පෙළ මා රිදවූවා
සීතල තරුමල් සුසුම් හෙලන රෑ
තනිකම මගෙ සිත රිදවද්දී
ඔබෙ සුවඳ මා සොයා ඇදුණු දා
ඔබේ සිනා නැත මට හිමිවී
Lyrics - Ranjith Daluwathta
Melody - Indrajith Dolamulla
Vocal - Indrajith Dolamulla
0 comments:
Post a Comment