Pages

Subscribe:

Monday, March 22, 2021

Me Irai Handai Thani Ahasaka (මේ ඉරයි හඳයි තනි අහසක) - Amarasiri Peiris

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර සවසක
හීන මවනවද හිර වී හිමි නැති පපුවක

රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට

අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල

පද - නාරද විජේසූරිය
සංගීතය - කපිල අපරැක්ක
ගායනය - අමරසිරි පීරිස්

 Download

 


 

0 comments:

Post a Comment

Sponsers