සොවින් පිරී මගේ හදවත තුළින් මතු වෙවී පිටවන
හැඟුම් කැටී ගැසී ගෙන දේ සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
තිබෙන්නා වූ ලෙසට දැනේ ගතට වේදනා
ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බර වී
දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
කනත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
දෙ අත් සහ දෙපා කොර වී නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී
Artist : Sanath Nandasiri
Lyrics : Piyal Premanath Jayathilaka
Music : Sanath Nandasiri
0 comments:
Post a Comment