Pages

Subscribe:

Tuesday, January 26, 2021

Heena Pena Hama Rekama (හීන පේන හැම රෑකම) - Harshana Dissanayake

හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
ලේන කුලේ සිට නුඹ මට යශෝදරාවකි
නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි
ආලවන්තකම ළඳුනේ පාරමිතාවකී...

පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ
මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ
පාළොස්වක සඳ ඉල්ලා මාසෙ පෝය දිනේ
මේ ඇස් දෙක ළඟ නාඩන් එතකොට දුක දැනේ...

පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
මාලිඟාව මගේ වගේ දැනුනා සොඳුරියේ
වාවගන්න බැරි තනිකම හිරකර මගෙ ළයේ
ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ...

Artist : Harshana Dissanayake
Lyrics :  Nandasiri Keembiyahetti
Music : Darshana Wickramatunga




0 comments:

Post a Comment

Sponsers