ලොවම එපා වී...
ලොවම කලකිරී...
දැවී දැවී හිදිනා වේලේ...
ඔබේ දයාබර එකම වදනකින්...
මගේ ආත්මය සුවපත් වේ...
අසා අසෝබන නින්දා ගැරහුම්...
වැලහින්නක සේ වැලපෙන මොහොතේ...
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිතවු හද සිහිලැල් වේ...
ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ...
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළු ගැන් වුන සිත උණුසුම් වේ....
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - විශාරද නන්දා මාලිනී
0 comments:
Post a Comment