Pages

Subscribe:

Sunday, January 24, 2021

Ananthayata Yanawamai (අනන්තයට යනවාමයි) - Senaka Batagoda

සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

Artist    - Senaka Batagoda
Melody - Senaka Batagoda
Lyrics    - Senaka Batagoda




 

Diyawanna Kumariye (දියවන්නා කුමාරියේ) - By Naada

දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ
දෙරණට සඳ පලුව එබෙනවා
හීන ගේන සීනි බෝල තක්ෂිලාව වට කරලා
මගේ පුතා අකුරු කරනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා

හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා
ඉඩෝරයට හේතු හොයනවා
දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා
ස්වර්ගයට යන්න හදනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා

පත්තිනියේ නුඹ නාඩන් ඇය එතෙරක කාසි සොයයි
ඒ කාසි රජුන් තනනවා
රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා
නිවන් යන්න පාර අහනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා

Lyrics & Melody - Iresh Wannakukorala
Music Arrangements - NAADA





Monday, January 18, 2021

Kalambee Hamana (කැළඹී හමනා) - Deweni inima Teledrama song

කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලා
රහසේ පතනා සුවඳක් වී බැඳෙනා
දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා
මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා...

තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ
සිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝ
දැනෙනා සිත විඳිනා මේ ආදරයම පතනා
නොනිදා සයනේ පතමී රූ මවා

ලං උනිදෝ දැනෙනා තනිකම හෝ
ආදරෙ දැනිලා ලං වීලා ඒවිදෝ
සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා
නොනිදා සයනේ පතමී රූ මවා

Artist - Nimanthi Chamodini
Melody & Music - Nimesh Kulasinghe
Lyrics - Shehan Galahitiyawa





 

Kowulek Motada (කොවුලෙක් මොටද) - Samanalee Fonseka

කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා

රුවලක් මොටද
සුළඟක් එන තුරු සිටිනා
හබලක් වෙයන්
ඔරුවක් වෙරළට ගේනා

නටුවක් මොටද
මට ලා සුළඟට වැනෙනා
කටුවක් වෙයන්
මල් නටුවක් මුර කරනා

කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා

Artist - Samanalee Fonseka
Lyrics - Sujeewa Hettithanthi
Music - Aruna Gunawardana



 

 

Tuesday, January 5, 2021

Awasan Husma (අවසන් හුස්ම) - Krishantha Erandaka

අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න

මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය
පෙම්ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම
රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට
මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම

පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර
මම නැති දාක නපුරක් නුඹ හට වේද
තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය

Artist : Krishantha Erandake
Lyrics : Rasika D. Duminda
Music : Darshana Wickramatunga

 


Thursday, September 17, 2020

Sanda Vee Hade (සඳ වී හදේ) - Damith Asanka

සඳ වී හදේ පායන් ඉතින් රන් තාරුකා මල් වැල් අරන්
මුදු සීත වැල් අතරින් ඇවිත්  දෝතින් බදා
සිපගම් සෙමින්  කදුලින් උපන් සෙනෙහේ නමින්
දිවි ඇති තුරා  හැර දා නොයන්

මේ රාත්‍රියේ දැනෙන තනිකම් ලගින්
ඔබේ ආදරේ සුවද ගෙන එයි සෙමින්
සංසාරයේ පැතුව පැතුමක් ලෙසින්
ඔබ ලන් උනේ හදට සුළගක් ලෙසින්
පිදු ප්‍රේමයේ සොදුරු පිරිසිදු හදින්
දුක් වේදනා දුරු වෙයි ඉතින්

මේ ජිවිතේ මිහිර පැතුවා සිතින්
එය හිමි උනේ ලබැදී ඔබගේ නමින්
රැදුනා හදේ ඔබව සිතුවම් ලෙසින්
බැදුනේ පෙමින් ලොවට රහසින් ඇවිත්
පෙම් ලෝකයේ කිරුල සුරතින් අරන්
එන්නම් සොයා සනසා නුවන්

Artist - Damith Asanka





Sponsers