Pages

Subscribe:

Wednesday, April 18, 2018

Epa Yali Hamuwanna (එපා යළි හමුවන්න) - Sunil Edirisinghe



එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලායයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ

ඔබ මවෙත තිලිණ කළ ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයා ය
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න...


ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - ඩිෂාන් නානායක්කාර
ගී තනුව - කරුණාරත්න විජේවර්ධන 


 

Hade kothanaka ho (හදේ කොතැනක) - Sunil Edirisinghe


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන වෙලා
හස රැහැනින් පෙළයි මා
මුදා සුව දැහැනින්...

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද
තනිවෙනා මොහොතින්...

හදේ කොතැනක හෝ........

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
ඔබ මැකී යනු මතකෙන්...

හදේ කොතැනක හෝ........


ගායනය - සුනිල් එදිරිසිංහය
ගී පද - කුමාර දාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ 



Viyo Wu Pasuwai Danenne (වියෝ වූ පසුවයි) - Sunil Edirisinghe


වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි...

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...

වියෝවූ පසුවයි දැනෙන්නේ....


ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - බන්ධුල නානායක්කාරවසම්
සංගීතය - රෝහණ වීරසිංහ


Yasodara (යශෝධරා) - Sanath Nandasiri



යශෝධරා...... යශෝධරා......

සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

යශෝධරා...... යශෝධරා......

එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබින නිබඳවම සියළු වෙර
සමාධියෙන් සිත ඈත දිවෙන විට
පමා නොවී යලි ඇවිදින් මේ දෙස

සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

යශෝධරා...... යශෝධරා......

එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබින නිබඳවම සියළු වෙර
දයා සිතින් එක බැල්මක් දී නෙත
එයින් මැකී යයි යශෝධරා වත

සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
සිතේ නැගුනු කළකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

යශෝධරා...... යශෝධරා......


ගායනය / සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි
ගී පද - සුනිල් සරත් පෙරේරා




Tuesday, April 17, 2018

Kaath kawruwath (කාත් කවුරුවත් නැති ලොවකට යමු) - Malani Bulathsinghala/Sunil Siriwardana


කාත් කවුරුවත් නැති ලොවකට යමු
ඒ ලොව තනි වී පෙම් බස් දොඩවමු
නෑ අපි ලොව මිනිසුන් අතරේ ඉමු
ඔබෙත් මගෙත් සිත් තව හඳුනා ගමු... .

නුරා දෑස් දල්වාලන දෙනුවන
සරා හැඟුම් පුබුදාලන දෙලවන
මම ඔබ හඳුනමි ඔබේ ආදරේ
කුසුම් කුමාරිය දිවි යහනේ... .

මලානිකව මිය යනු ඇත දෙනුවන
එයින් සදා ලොව සැඟවෙයි දෙලවන
මම ඔබ නොදනිමි ඔබේ ආදරේ
විලාපයයි හෙට දිවි සොහොනේ .


ගායනය - මාලනී බුලත්සිංහල
                   සුනිල් සිරිවර්ධන


Saturday, April 14, 2018

Oba Navoth Heta(ඔබ නාවොත් හෙට) - Kasun Kalhara/Saheli Rochana Gamage



ඔබ නාවොත් හෙට උදෑසන අරං
මට රැය විතරයි අයිති නොරිකො සං
රැය හරිම දිගයි දෙවෙන්දොරා සං
මට එන්න හිතයි ඔබ සොයා ඉතිං...

මගේ කඳුළු බිඳු පෙමට පෙරලමින්
ඔබ උන්නු දවස් මතකයිද කියන්
ඒ අතීතයම හදවතේ ඉඳන්
මට රිදවූ හැටි ඇවිත් කියන්නම්...

සිහිනයක් නැතී අන්ධකාරයෙන්
නෙතු පියා ගන්න අවසරයි ඉතිං
හෙට උදේ ඇවිත් හැම කඳුළ ම මං
යළි ආදරයට පෙරලා දෙන්නම්...


පද - අමිල තේනුවර 
සංගීතය -දර්ශන රැවන් දිසානායක 
ගායනය - කසුන් කල්හාර 
                 - සහේලි රෝචනා ගමගේ 


Sponsers