Pages

Subscribe:

Saturday, May 26, 2018

Nethata Netha Muna Gasunu daa (නෙතට නෙත මුණ ගැසුන දා) - Amarasiri Peiris


නෙතට නෙත මුණ ගැසුන දා නුඹ
නොදැක්කා සේ ගියා නම්
හිත පුරා විඳි තනිකමක් නැහැ
නුඹට මම පෙම් නොකළ නම් ...

මගේ ඇසිපිය යට තියාගෙන
රැක ගත්ත රුව බොඳ වෙලා
මට මමත් හිමි නැති තරම් පෙම් කළ
නුඹත් මා හැර ගිහිල්ලා
නුඹ කොහේ දෝ දුර ගිහිල්ලා ....

හද රිදුම් දී ඉපි ද මිය යයි
මතකයේ ඇයි රැඳෙන්නේ
කිසි දිනක නොලැබෙන නිසා දෝ
මේ තරම් මට දැනෙන්නේ
නුඹ මේ තරම් මට දැනෙන්නේ ....


පද - දසුන් වසන්ත
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
ගායනය - අමරසිරි පීරිස්



 

Tuesday, May 22, 2018

Ginna Mihi Matha (ගින්න මිහිමත) - Damith Asanka



ගින්න මිහිමත හිරකරන්
පොළව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරන්
සුසුම් හිත රිදවන තරම්

පින්න දෙපයට යටකරන්
ඉන්න තුරු හිස මල් දරන්
දන්නවද මගෙ රත්තරන්
කදුළු හංගන හැටි හොරෙන්

අහස් ගැබ තරු ඇස් ඇරන්
ඉන්නේ මුළු රෑ නිදි වරන්
දන්නවද ඔබ රත්තරන්
ඔබව මට සිහිවන තරම්

යන්න දී ඈතට මගෙන්
ඉන්න හැටි හිත තද කරන්
දන්නෙ නෑ ඔබ රත්තරං
ආදරේ විදවන තරං..........


ගායනය : දමිත් අසංක
සංගීතය : නාලක අංජන කුමාර
ගේය පද : නාරද විජයසූරිය 


Me Ridum (මේ රිදුම්) - Damith Asanka



මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැක ගන්න ඔබ එන්න එය සැනසුමක්
උනදේ උනා හඩලා දැන් නැහැ ඵලක්
ඔබ ඉන්න සතුටින්ම මගේ ජිවිතේ අරන්

මෙ රිදුමි ඉකිගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා...//

හිනැහෙන්න කාරනා දහසකුත් නැතත්
රිදවන්නමයි හිතුවෙ ඔබමා තවත්
සැනසෙන්න දුන් පැතුමි අරගෙන යලිත්
හිතකින්ද හැර ගියේ සොදුරියේ කියන්....

දුර යන්න හැකි උනත් මා හැර හුගක්
ඔබ නැතුව මට යන්න බැහැ පියවරක්
හැමදේම නැති වෙලා තනි උනු බවක්
නැහැ කවුරැවත් දන්නේ ඔය හිත තරමි....


Artist - Damith Asanka
Music - Priyantha Nawalage
Lyrics - Rajanganaye Hamuduruwo





Wednesday, April 18, 2018

Epa Yali Hamuwanna (එපා යළි හමුවන්න) - Sunil Edirisinghe



එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලායයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ

ඔබ මවෙත තිලිණ කළ ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයා ය
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න...


ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - ඩිෂාන් නානායක්කාර
ගී තනුව - කරුණාරත්න විජේවර්ධන 


 

Hade kothanaka ho (හදේ කොතැනක) - Sunil Edirisinghe


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන වෙලා
හස රැහැනින් පෙළයි මා
මුදා සුව දැහැනින්...

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද
තනිවෙනා මොහොතින්...

හදේ කොතැනක හෝ........

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
ඔබ මැකී යනු මතකෙන්...

හදේ කොතැනක හෝ........


ගායනය - සුනිල් එදිරිසිංහය
ගී පද - කුමාර දාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ 



Viyo Wu Pasuwai Danenne (වියෝ වූ පසුවයි) - Sunil Edirisinghe


වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි...

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...

වියෝවූ පසුවයි දැනෙන්නේ....


ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - බන්ධුල නානායක්කාරවසම්
සංගීතය - රෝහණ වීරසිංහ


Sponsers