Pages

Subscribe:

Saturday, June 15, 2019

Hanthana Sihine Bala Walapemi (හන්තාන සිහිනේ) - Amaradeva W.D, Umaria Sinhawansa


බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත්මල
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ

වැහිපබලු යට රඟමඩල මැද
ඔබේ දෑතේ තුරුලු වෙන්නට
බිසෝ හැරගිය ලසෝ රඟහල අමාවක අදුරේ
නොයෙනු මැන ලදුනේ

වඩිනතුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇඳුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සඳ දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අර්ණේ

ගායනය       -    W.D අමරදේව
සංගීතය       -    ජනක සිරිවර්ධන
පද රචනය   -    අරුණ ගුණවර්ධන





Kohe Ho Numba Nathara We (කොහේ හෝ නුඹ) - Karunarathna Divulgane


කොහේ හෝ නුඹ නතර වි
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැතී නුඹ
මගේ නොවුනට කම් නැතී

උන්න දා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැතී

නුඹ ළඟත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - 
පද රචනය -



Sunday, June 9, 2019

Ra Duru Rata Me (රෑ දුරු රට මේ) - W D Amaradewa


රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ

කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ


ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස






Sunday, January 27, 2019

Kaurunda Kauluwa (කවුරුන්ද කවුළුව වැහුවේ) - Chamara Weerasinghe, Sashika Nisansala


කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
නවතින්න අවසරයි ප්‍රේමයෙන්...

කවුරුන්ද කවුළුව වැහුවේ...//

නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
යලි එන්න හැකිනම් ඉක්මනින්..

නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා..

කවුරුන්ද කවුළුව වැහුවේ...

ගායනය : චාමර වීරසිංහ, ශෂිකා නිසංසලා
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය : දිලුම් තේජන



Thursday, January 10, 2019

Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) - Deweni Inima Song


හැමදාම ඔය දෑස හමු නොවන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
නුඹ ගැන හිත හිතා මියයනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට

තරු දෑස මගේ නේද අතරමං වුණ
හොය හොයා මගේ දෑස වෙහෙස වෙනවාද
මං එක්ක යං කිව්ව ගමන එනවාද
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද

අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණු වී
හිතක් තවරා පෙමක ඔබත් නිහඩව හිදි
මටත් නොකියා ඔහොම ඉතිං දගකාර වී
හිතේ නවතින තුරුම ආදරය නොදැනුනි

නුඹ ගැන හිත හිත මියයනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවාද
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද

අවාරේ හමා යන සැඩ සුළං වැදි වැදි
රැකගත්තේ නුඹ තමයි පෙළා යන්නට නොදි
මලක් වී ගසක් යට සුවද දී වැටි වැටි
ඔයා හිනැහී ඉන්න හඩා කදුලක් නොවි

නුඹ ගැන හිත හිත මියයනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවාද
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..//


Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) - Deweni Inima

Song Artist - Keshan Shashindra / Kalpana Kavindi
Lyrics - Saman Edirimuni
Music - Nimesh Kulasinghe



Matath Thibuna Premayak - (මටත් තිබුණා ප්‍රේමයක්) - Chandana Liyanaarachchi


මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳ හිට
මතක දළු ලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්

කුළුඳුලේ හිත හීන හැඩ කළ
මතකයේ සිවුකොනම දඟ කළ
නිදි නැතිව රැය ගණන් එළි කළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුඳුලේ පිපි ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්....

නෙත් සරින් නෙතු වලට ඉඟි කළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතුව
මටත් තිබුණා ප්‍රේමයක්
අදත් නොමැරුණු ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්....

Artist : Chandana Liyanaarachchi
Lyrics : Rasika D. Duminda
Music : Darshana Wickramatunga


Sponsers