Pages

Subscribe:

Saturday, December 3, 2022

Hiruta Ayithi Bawa (හිරු ට අයිති බව) - Neela Wickramasingha

හිරු ට අයිති බව හිරු පවසනවා

විල ට අයිති බව විල පවසනවා

බිඟු ට අයිති බව බිඟු පවසනවා

නුඹ කාට ද හිමි නෙළුම් මලේ...


හිරු ආවා ම ලු ඔබ පිබිදෙන්නේ

විල හින්දා ම ලු ජීවත් වන්නේ

බිඟු ට ලු මධු මී පුරවා දෙන්නේ

නෙළුමේ කාට ද සෙනෙහෙ පුදන්නේ...


හිරු ළඟ අහසේ රුවට පිපීයන්

විල් දිය තුළ සැඟැ වී සැනැහීයන්

ආදරයක් නැති මිනිසෙකු දෑතට 

නෙළුමේ නුඹ හසුවන්න එපා...


ගී සංකල්පනාව : දයා ද අල්විස්

තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ

ගායනය : නීලා වික්‍රමසිංහ




0 comments:

Post a Comment

Sponsers