Pages

Subscribe:

Monday, November 25, 2024

Duwek Innama One (දුවෙක් ඉන්නම ඕනා) - Mangala Denex

 

සංසාර සාගරේ ගැඹුරටම කිමිදෙන්න
ආදරෙන් බදාගෙන නෙත කඳුළු පිසලන්න
ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න
දුවෙක් ඉන්නවානම් ඒ මදැයි සැනසෙන්න

ආදරේ පුරෝගෙන තුරුල්ලෙම නැළවෙන්න
නෝක්කඩු කියෝගෙන හුරතලෙන් වදදෙන්න
දුක සතුට දෙකම ළඟ තනි නොකර ළඟ ඉන්න
දුවෙක් ඉන්නම ඕනෙ ජීවිතේ තේරෙන්න

දරාගනු බැරිම විට බදාගෙන වැලපෙන්න
ජීවිතේ හැමදේම නොසඟවා පවසන්න
වාරු නැති දවසකත් අල්ලගෙන ඇවිදින්න
දුවෙක් ඉන්නවානම් ඒ මදැයි හිනැහෙන්න

කූඩුවී ඉගිලිලා ගියත් වෙන්වී දිනක
හිතින් දුර යන්නෙනෑ දූවරුන් කිසිදාක
ජීවිතේ අරුත හරිහැටිම තේරුම්යන්න
දුවෙක් ඉන්නම ඕන පන යද්දි ළඟ ඉන්න... 


♪ Artist/Melody: Mangala Denex 

♪ Lyrics: Anisha Jayakodi 

♪ Music: Shivantha Ash

 


 

Tuesday, June 25, 2024

Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති - Suneera Sumanga

 

දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ

තනි වීම වුව ප්‍රේමය ම බව
යළි යළිත් මේ අදත් පවසමි
මතක අමතක කරන්නට බැරි
බැවින් නිහඬ ව බිම බලා ගමි!!

අතීතේ මතකය දරාගෙන
නුඹව සිහි කර යළි හිනා වෙමි
තවත් රිදවිලි මොටද, එබැවින්
මෙහෙම මෙතැන ම මග නතර වෙමි


Artist - Suneera Sumanga
Lyrics - Panindu Widane
Melody & Music - Vajira Suminda




Sponsers