සංසාර සාගරේ ගැඹුරටම කිමිදෙන්න
ආදරෙන් බදාගෙන නෙත කඳුළු පිසලන්න
ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න
දුවෙක් ඉන්නවානම් ඒ මදැයි සැනසෙන්න
ආදරේ පුරෝගෙන තුරුල්ලෙම නැළවෙන්න
නෝක්කඩු කියෝගෙන හුරතලෙන් වදදෙන්න
දුක සතුට දෙකම ළඟ තනි නොකර ළඟ ඉන්න
දුවෙක් ඉන්නම ඕනෙ ජීවිතේ තේරෙන්න
දරාගනු බැරිම විට බදාගෙන වැලපෙන්න
ජීවිතේ හැමදේම නොසඟවා පවසන්න
වාරු නැති දවසකත් අල්ලගෙන ඇවිදින්න
දුවෙක් ඉන්නවානම් ඒ මදැයි හිනැහෙන්න
කූඩුවී ඉගිලිලා ගියත් වෙන්වී දිනක
හිතින් දුර යන්නෙනෑ දූවරුන් කිසිදාක
ජීවිතේ අරුත හරිහැටිම තේරුම්යන්න
දුවෙක් ඉන්නම ඕන පන යද්දි ළඟ ඉන්න...
♪ Artist/Melody: Mangala Denex
♪ Lyrics: Anisha Jayakodi
♪ Music: Shivantha Ash