Pages

Subscribe:

Sunday, July 7, 2019

Hari Adarayen Ma Langa Inna (හරි ආදරයෙන් මා ළඟ ඉන්න) - Lakshman Hewawitharana


හරි ආදරයෙන් මා ළඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනාවෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගේම මට ඉන්න

නුඹ නිතර සිඹින මේ ඉහ මතට
ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම
දුක දැනෙන ඇඬෙන මේ ඇස් දෙකට
ආදරේ කිවේ ඇත්තට නොවේද

දෙවිවරුන් පවා මියැදෙන වනක
මට පුදුමත් නෑ මගෙ මේ කඳුල
නුඹ සුළඟ ඉතින් මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න

ගායනය        - Lakshman Hewawitharana
සංගීතය       -  H.M Jayawardana  
පද රචනය   -  Ananda Hewaranhidage   



Tuesday, July 2, 2019

Oba Ma Hamu We Nam (ඔබ මා හමුවේ නම්) - Jagath Wickramasinghe


ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී
පිනි කදුලක් සේ
මැකී ගිහින් ‍සිතේ ඉතිරි වූ
එකම කතාවක් යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්

සිනා පිරුනු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවුනු මාවත වෙන් වී
මහ පවුරක් සේ
නැගී ඇවිත් මුවේ පිපේ නම්
එකම සිනාවක් යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්

ගායනය        - Jagath Wickramasinghe
සංගීතය       -     
පද රචනය   -    





Matath Unna Kenek Issara (මටත් උන්නා කෙනෙක් ඉස්සර) - Raween Kanishka


මටත් උන්නා කෙනෙක් ඉස්සර
මතක විතරක් ඉතිරි කර ගිය
නුඹත් ආවෙ එවන් දවසක
මතක පොත ඉකි ගසා වැලපෙන
එවන් දවසක

ඇයත් ඔහොමයි නුඹත් ඒ වගෙමයි
මටත් දැනෙනා හැටිත් හරි පුදුමයි
ඈ තියා ගිය දුකම අහුලන්
නුඹත් ආ හැටි තවත් මට අරුමයි

මටත් උන්නා කෙනෙක් ඉස්සර

එදත් ඔහොමයි අදත් ඒ වගේමයි
කවුරු කවුරුත් ආ ගියා පමනයි
ඈ ලියා දුන් ඉරනමත් ගෙන
මා දෙපා තැබු නුවර හරි අමුතුයි

ගායනය        -    Raween Kanishka
සංගීතය       -     Nawarathna Gamage
පද රචනය   -    Mahesh Hewapathirana






Saturday, June 15, 2019

Hanthana Sihine Bala Walapemi (හන්තාන සිහිනේ) - Amaradeva W.D, Umaria Sinhawansa


බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත්මල
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ

වැහිපබලු යට රඟමඩල මැද
ඔබේ දෑතේ තුරුලු වෙන්නට
බිසෝ හැරගිය ලසෝ රඟහල අමාවක අදුරේ
නොයෙනු මැන ලදුනේ

වඩිනතුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇඳුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සඳ දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අර්ණේ

ගායනය       -    W.D අමරදේව
සංගීතය       -    ජනක සිරිවර්ධන
පද රචනය   -    අරුණ ගුණවර්ධන





Kohe Ho Numba Nathara We (කොහේ හෝ නුඹ) - Karunarathna Divulgane


කොහේ හෝ නුඹ නතර වි
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැතී නුඹ
මගේ නොවුනට කම් නැතී

උන්න දා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැතී

නුඹ ළඟත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - 
පද රචනය -



Sunday, June 9, 2019

Ra Duru Rata Me (රෑ දුරු රට මේ) - W D Amaradewa


රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ

කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ


ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස






Sponsers