Pages

Subscribe:

Saturday, September 21, 2019

Mata Aradanawak Kalado (මට ආරාධනාවක් කලාදෝ) - Waradath Aravinda


මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ..ආදරෙයි ..සැමදා මා..

මල් යාය කිදේ මට වාසනාවන්ත
සුවදින් නැවුම් ගී ලියා දී වගේ
පෙර අත් භවේ දී බැදුනා වගේ
ඔබ ආවාද මගේ ලොවට අරුණෝද වී

දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
මට පාර පෙන් වු තරු නෙත් ඔබේ
රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නෙ‍හයේ

Singer         :  Waradath Aravinda
Composer    :  Unknown
Lyricist        : 
Unknown








Sanda Manaliye (සද මනාලියේ) - Keshan Shashindra

සද මනාලියේ ඈතට යන
මා තනි කරලා
දුර හිමාලයේ සීතල රැදි
මේ හිත දවලා
තරු කඩා හැලේ නා දලු සිද
හිත නෑ බිදලා
මගෙ මනාලියේ මා හැර යන
නාඩන් මතු දා

ආදර අහසේ
මේ කුළු යහනේ
මගෙ තුරුලට වෙලා
තරුත් පාට කලා
මගෙ ලග හිදලා

මා නෙතු දැහැනේ
දේදුනු සිහිනේ මකා
සදවත ගියා
රනින් මාල සොයා
මගෙ ලග හිදලා

Singer         :  Keshan Sashindra
Composer    :  Ranjith Premaweera
Lyricist        :  Tharinda Kasun Jayawardhana


 



Sunday, July 7, 2019

Sihina Asapuwe (සිහින අසපුවේ ඔබ හා මා) - Chandana Liyanarachchi


සිහින අසපුවේ ඔබ හා මා
රැඳී සිටින්නම් තුරුළු වෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවන්නම්
තරු රෑනේ..තනි තරුවේ
ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී

රුවට මුලා වී සිතට වහල් වී
ඔබ පතනා ආදරය නොවේ
එලෙස කියන්නට මසිත යෙදී
ඔබ හඳුනාගනු බැරිව නිතී
පිවිතුරු සෙනෙහස මා දනිමි

සැම සිතුවිල්ලක ඔබ පැටලේ
නිමක් නොවේ හදවත රිද්මේ
සොඳුරු ලොවක හමුවන්න පෙරුම්
ගතින් සිතින් එක්වෙමුද ඉතින්
හඳුනාගමු පැහැදිලිව අපී

ගායනය              - Chandana Liyanarachchi
සංගීතය, ගී පද -  Nihal Gamhewa





Hari Adarayen Ma Langa Inna (හරි ආදරයෙන් මා ළඟ ඉන්න) - Lakshman Hewawitharana


හරි ආදරයෙන් මා ළඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනාවෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගේම මට ඉන්න

නුඹ නිතර සිඹින මේ ඉහ මතට
ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම
දුක දැනෙන ඇඬෙන මේ ඇස් දෙකට
ආදරේ කිවේ ඇත්තට නොවේද

දෙවිවරුන් පවා මියැදෙන වනක
මට පුදුමත් නෑ මගෙ මේ කඳුල
නුඹ සුළඟ ඉතින් මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න

ගායනය        - Lakshman Hewawitharana
සංගීතය       -  H.M Jayawardana  
පද රචනය   -  Ananda Hewaranhidage   



Tuesday, July 2, 2019

Oba Ma Hamu We Nam (ඔබ මා හමුවේ නම්) - Jagath Wickramasinghe


ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී
පිනි කදුලක් සේ
මැකී ගිහින් ‍සිතේ ඉතිරි වූ
එකම කතාවක් යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්

සිනා පිරුනු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවුනු මාවත වෙන් වී
මහ පවුරක් සේ
නැගී ඇවිත් මුවේ පිපේ නම්
එකම සිනාවක් යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්

ගායනය        - Jagath Wickramasinghe
සංගීතය       -     
පද රචනය   -    





Matath Unna Kenek Issara (මටත් උන්නා කෙනෙක් ඉස්සර) - Raween Kanishka


මටත් උන්නා කෙනෙක් ඉස්සර
මතක විතරක් ඉතිරි කර ගිය
නුඹත් ආවෙ එවන් දවසක
මතක පොත ඉකි ගසා වැලපෙන
එවන් දවසක

ඇයත් ඔහොමයි නුඹත් ඒ වගෙමයි
මටත් දැනෙනා හැටිත් හරි පුදුමයි
ඈ තියා ගිය දුකම අහුලන්
නුඹත් ආ හැටි තවත් මට අරුමයි

මටත් උන්නා කෙනෙක් ඉස්සර

එදත් ඔහොමයි අදත් ඒ වගේමයි
කවුරු කවුරුත් ආ ගියා පමනයි
ඈ ලියා දුන් ඉරනමත් ගෙන
මා දෙපා තැබු නුවර හරි අමුතුයි

ගායනය        -    Raween Kanishka
සංගීතය       -     Nawarathna Gamage
පද රචනය   -    Mahesh Hewapathirana






Sponsers