Pages

Subscribe:

Tuesday, December 13, 2022

Etha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්) - Sananth Nandasiri

ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ


මලානිකව හඳ එලිය ගලා එන

අම්බලමක හෙව‍ණේ

බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර

දැල්වෙන එළිය බඳේ


වේදනාව නෙතු අගට ගලාලා

ඉකිලන නිහඬ රැයේ

නීල නුවන් තරු කැට බොඳ වෙනවා

කාටත් හොර රහසේ


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි

පද රචනය - සුනිල් සරත් ‍පෙ‍රේරා

තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

 

 


 

Wahinnata Hakinam (වහින්නට හැකි නම්) - Nanda Malini

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්

රැඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොළඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී

වහින්නට හැකිනම්

නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑවෙන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී

වහින්නට හැකිනම්

 

ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : සුනිල් දයානන්ද කෝනාර

 

 


Saturday, December 3, 2022

Hiruta Ayithi Bawa (හිරු ට අයිති බව) - Neela Wickramasingha

හිරු ට අයිති බව හිරු පවසනවා

විල ට අයිති බව විල පවසනවා

බිඟු ට අයිති බව බිඟු පවසනවා

නුඹ කාට ද හිමි නෙළුම් මලේ...


හිරු ආවා ම ලු ඔබ පිබිදෙන්නේ

විල හින්දා ම ලු ජීවත් වන්නේ

බිඟු ට ලු මධු මී පුරවා දෙන්නේ

නෙළුමේ කාට ද සෙනෙහෙ පුදන්නේ...


හිරු ළඟ අහසේ රුවට පිපීයන්

විල් දිය තුළ සැඟැ වී සැනැහීයන්

ආදරයක් නැති මිනිසෙකු දෑතට 

නෙළුමේ නුඹ හසුවන්න එපා...


ගී සංකල්පනාව : දයා ද අල්විස්

තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ

ගායනය : නීලා වික්‍රමසිංහ




Tuesday, January 25, 2022

Ansathu Oba (අන්සතු ඔබ) - Thisara Weerasinghe

 

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී


Artist : Thisara Weerasinghe
Melody : Thisara Weerasinghe
Lyrics : Rushan Silva
Music : Lahiru De Costa

Download




Tuesday, June 15, 2021

(මං බොලද වියේ බැදි ආදරේ) - Shirley Waijayantha

මං බොලද වියේ බැදි ආදරේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්

ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා‍ සිතුමන් හසුවේවී මදනල අතරේ

අතිනත ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ

 

Pem Kawak Liyu Numba (පෙම් කවක් ලියූ නුඹ) - Karunarathna Divulgane

 පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්  නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්
 
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසම්
සඳ එලිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැදුනාට රත්තරනේ

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - සුරම්‍යා මාපිටිය
සංගීතය - නන්දසේන කටුවාවල

Download




Sponsers