Tuesday, January 31, 2023
Dedunne Pata Patin (දේදුන්නේ පාට පාටින් ) - Sanath Nandasiri
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ
ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙනා
රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී කාමී අඳුරේ
කැන්දා ගනී මෝහනය වී
පද රචනය: ප්‍රණීත් අභයසුන්දර
සංගීත නිර්මාණය: ස්ටැන්ලි පීරිස්
ගායනය: සනත් නන්දසිරි
Nela Ganumata - (නෙලා ගැනුමට) - Suneera Sumanga
නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය
ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීමය
හිත්පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීමය
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය
පණ පිටින් මුළුසිරුර දන් දී
එකම හිතකට ලොබ බැඳීමය
ගායනය - සුනීර සුමංග
සංගීතය - කපිල අපරැක්ක
පබැඳුම - නාරද විජයසූරිය
Tuesday, December 13, 2022
Etha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්) - Sananth Nandasiri
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ
මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවණේ
බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර
දැල්වෙන එළිය බඳේ
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
Wahinnata Hakinam (වහින්නට හැකි නම්) - Nanda Malini
වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්
රැඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොළඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී
වහින්නට හැකිනම්
නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑවෙන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී
වහින්නට හැකිනම්
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : සුනිල් දයානන්ද කෝනාර
Saturday, December 3, 2022
Hiruta Ayithi Bawa (හිරු ට අයිති බව) - Neela Wickramasingha
හිරු ට අයිති බව හිරු පවසනවා
විල ට අයිති බව විල පවසනවා
බිඟු ට අයිති බව බිඟු පවසනවා
නුඹ කාට ද හිමි නෙළුම් මලේ...
හිරු ආවා ම ලු ඔබ පිබිදෙන්නේ
විල හින්දා ම ලු ජීවත් වන්නේ
බිඟු ට ලු මධු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාට ද සෙනෙහෙ පුදන්නේ...
හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුළ සැඟැ වී සැනැහීයන්
ආදරයක් නැති මිනිසෙකු දෑතට
නෙළුමේ නුඹ හසුවන්න එපා...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : නීලා වික්‍රමසිංහ


