හැමදාම ඔය දෑස හමු නොවන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
නුඹ ගැන හිත හිතා මියයනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
තරු දෑස මගේ නේද අතරමං වුණ
හොය හොයා මගේ දෑස වෙහෙස වෙනවාද
මං එක්ක යං කිව්ව ගමන එනවාද
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද
අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණු වී
හිතක් තවරා පෙමක ඔබත් නිහඩව හිදි
මටත් නොකියා ඔහොම ඉතිං දගකාර වී
හිතේ නවතින තුරුම ආදරය නොදැනුනි
නුඹ ගැන හිත හිත මියයනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවාද
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද
අවාරේ හමා යන සැඩ සුළං වැදි වැදි
රැකගත්තේ නුඹ තමයි පෙළා යන්නට නොදි
මලක් වී ගසක් යට සුවද දී වැටි වැටි
ඔයා හිනැහී ඉන්න හඩා කදුලක් නොවි
නුඹ ගැන හිත හිත මියයනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවාද
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..//
Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) - Deweni Inima
Song
Artist - Keshan Shashindra / Kalpana Kavindi
Lyrics - Saman Edirimuni
Music - Nimesh Kulasinghe