Pages

Subscribe:

Friday, June 6, 2025

Nube unusum Haduwen (ඉතින් අපි ආ දුර බොහෝමයි) - Siyumini Opayangi

නුඹේ උණුසුම් හාදුවෙන් 
මගේ හිත පිරිමදින්න
ආදරේ තව සියුම් තැන් ඇති 
ලං වෙලා මට කියන්න

යන්තමට හරි නුඹට හිතුනොත් 
මගේ හිත මග හරින්න
මතක පැන් ..ටිකක් අරගෙන 
නුඹේ හිතටම ඉහින්න

ඉතින් අපි ආ දුර බොහෝමයි
දරාගෙන අපි අපිවම
හිතේ ගැඹුරුම තැනක ලිව්වා
මගේ ප්‍රේමය නුඹටම

කඩන් වැටෙනා පුංචි තරුවක්
දෙස බලන් මම හිතන්නම්
සසර ගනුදෙනු ඉවර වෙනකන්
නුඹව විතරක් පතන්නම්

හිතේ කකියන හුගක් දේවල්
ඇස් පියන් මට කියන්න
නුඹයි හිටියේ මගේ තනියට
මගේ කියලා දැනෙන්න

නුඹයි ආවේ මා සොයාගෙන
ආදරේ කවි ලියන්න
මගේ හිත ලග නතර උනෙ ඇයි
කවදහරි මට කියන්න


Artist - Siyumini Opayangi 
Lyrics - Harshani Dinusha Adhikari
Melody & Music -Kapila aparakka

 

 


Monday, November 25, 2024

Duwek Innama One (දුවෙක් ඉන්නම ඕනා) - Mangala Denex

 

සංසාර සාගරේ ගැඹුරටම කිමිදෙන්න
ආදරෙන් බදාගෙන නෙත කඳුළු පිසලන්න
ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න
දුවෙක් ඉන්නවානම් ඒ මදැයි සැනසෙන්න

ආදරේ පුරෝගෙන තුරුල්ලෙම නැළවෙන්න
නෝක්කඩු කියෝගෙන හුරතලෙන් වදදෙන්න
දුක සතුට දෙකම ළඟ තනි නොකර ළඟ ඉන්න
දුවෙක් ඉන්නම ඕනෙ ජීවිතේ තේරෙන්න

දරාගනු බැරිම විට බදාගෙන වැලපෙන්න
ජීවිතේ හැමදේම නොසඟවා පවසන්න
වාරු නැති දවසකත් අල්ලගෙන ඇවිදින්න
දුවෙක් ඉන්නවානම් ඒ මදැයි හිනැහෙන්න

කූඩුවී ඉගිලිලා ගියත් වෙන්වී දිනක
හිතින් දුර යන්නෙනෑ දූවරුන් කිසිදාක
ජීවිතේ අරුත හරිහැටිම තේරුම්යන්න
දුවෙක් ඉන්නම ඕන පන යද්දි ළඟ ඉන්න... 


♪ Artist/Melody: Mangala Denex 

♪ Lyrics: Anisha Jayakodi 

♪ Music: Shivantha Ash

 


 

Tuesday, June 25, 2024

Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති - Suneera Sumanga

 

දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ

තනි වීම වුව ප්‍රේමය ම බව
යළි යළිත් මේ අදත් පවසමි
මතක අමතක කරන්නට බැරි
බැවින් නිහඬ ව බිම බලා ගමි!!

අතීතේ මතකය දරාගෙන
නුඹව සිහි කර යළි හිනා වෙමි
තවත් රිදවිලි මොටද, එබැවින්
මෙහෙම මෙතැන ම මග නතර වෙමි


Artist - Suneera Sumanga
Lyrics - Panindu Widane
Melody & Music - Vajira Suminda




Saturday, June 24, 2023

Pihithuden Adare Liuwe (පිහිතුඩෙන් ආදරේ ලිව්වේ) - Sanjeew Lonliyes

 

මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
එහෙම කිව්වේ

මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ        
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
          
දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල


දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ        
මතකවල සුසුමන්  දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල

පිහිතුඩෙන්
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

 

Vocal : Sanjeew Lonliyes
Lyrics : Dilshan Pathirathne
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes

 


 

 

 

Tuesday, January 31, 2023

Mandaram Kathawe (මන්දාරම් කතාවේ) - Anushka Udana

නුඹ නිසා ලීව කවි පාළුවට
මැකී යාවී එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන


මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ


සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ


නුඹ නිසා ලීව කවි පාළුවට
මැකී යාවී එනවාද හෙට


දුර නොයා ඉන්න
තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිදිමී උන් තැනම


Singer :- Anushka Udana
Music :- Dinesh Gamage / Nisal Gamage
Lyrics :- Nisal Gamage

 


 

Dedunne Pata Patin (දේදුන්නේ පාට පාටින් ) - Sanath Nandasiri

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ


ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙනා


රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී කාමී අඳුරේ
කැන්දා ගනී මෝහනය වී


පද රචනය:      ප්‍රණීත් අභයසුන්දර
සංගීත නිර්මාණය: ස්ටැන්ලි පීරිස්
ගායනය:         සනත් නන්දසිරි

 



 

Nela Ganumata - (නෙලා ගැනුමට) - Suneera Sumanga

නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය


ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීමය
හිත්පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීමය


ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය
පණ පිටින් මුළුසිරුර දන් දී
එකම හිතකට ලොබ බැඳීමය

 

ගායනය - සුනීර සුමංග
සංගීතය - කපිල අපරැක්ක
පබැඳුම - නාරද විජයසූරිය




Tuesday, December 13, 2022

Etha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්) - Sananth Nandasiri

ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ


මලානිකව හඳ එලිය ගලා එන

අම්බලමක හෙව‍ණේ

බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර

දැල්වෙන එළිය බඳේ


වේදනාව නෙතු අගට ගලාලා

ඉකිලන නිහඬ රැයේ

නීල නුවන් තරු කැට බොඳ වෙනවා

කාටත් හොර රහසේ


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි

පද රචනය - සුනිල් සරත් ‍පෙ‍රේරා

තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

 

 


 

Wahinnata Hakinam (වහින්නට හැකි නම්) - Nanda Malini

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්

රැඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොළඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී

වහින්නට හැකිනම්

නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑවෙන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී

වහින්නට හැකිනම්

 

ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : සුනිල් දයානන්ද කෝනාර

 

 


Saturday, December 3, 2022

Hiruta Ayithi Bawa (හිරු ට අයිති බව) - Neela Wickramasingha

හිරු ට අයිති බව හිරු පවසනවා

විල ට අයිති බව විල පවසනවා

බිඟු ට අයිති බව බිඟු පවසනවා

නුඹ කාට ද හිමි නෙළුම් මලේ...


හිරු ආවා ම ලු ඔබ පිබිදෙන්නේ

විල හින්දා ම ලු ජීවත් වන්නේ

බිඟු ට ලු මධු මී පුරවා දෙන්නේ

නෙළුමේ කාට ද සෙනෙහෙ පුදන්නේ...


හිරු ළඟ අහසේ රුවට පිපීයන්

විල් දිය තුළ සැඟැ වී සැනැහීයන්

ආදරයක් නැති මිනිසෙකු දෑතට 

නෙළුමේ නුඹ හසුවන්න එපා...


ගී සංකල්පනාව : දයා ද අල්විස්

තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ

ගායනය : නීලා වික්‍රමසිංහ




Tuesday, January 25, 2022

Ansathu Oba (අන්සතු ඔබ) - Thisara Weerasinghe

 

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී


Artist : Thisara Weerasinghe
Melody : Thisara Weerasinghe
Lyrics : Rushan Silva
Music : Lahiru De Costa

Download




Tuesday, June 15, 2021

(මං බොලද වියේ බැදි ආදරේ) - Shirley Waijayantha

මං බොලද වියේ බැදි ආදරේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්

ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා‍ සිතුමන් හසුවේවී මදනල අතරේ

අතිනත ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ

 

Pem Kawak Liyu Numba (පෙම් කවක් ලියූ නුඹ) - Karunarathna Divulgane

 පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්  නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්
 
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසම්
සඳ එලිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැදුනාට රත්තරනේ

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - සුරම්‍යා මාපිටිය
සංගීතය - නන්දසේන කටුවාවල

Download




Saturday, April 17, 2021

(ඔබ පෑ පෙම් සිනා) - Prince Udaya Priyantha

ඔබ පෑ පෙම් සිනා
මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ
රැක බලා ගන්නෙමි

කවුළුවකින් දෑස් අයා
පෙර මඟ බලා හිඳී
ඔබ තුරුලේ හිඳ නැලවී ඉන්නට
දෑඟිලි ගනින්නෙමි

මුකුළු කතා ඔබ ගොතනා
මිහිරියි සවන් පුරා
ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
මා බිළිඳෙක් වේවී

Download





Monday, March 22, 2021

Me Irai Handai Thani Ahasaka (මේ ඉරයි හඳයි තනි අහසක) - Amarasiri Peiris

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර සවසක
හීන මවනවද හිර වී හිමි නැති පපුවක

රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට

අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල

පද - නාරද විජේසූරිය
සංගීතය - කපිල අපරැක්ක
ගායනය - අමරසිරි පීරිස්

 Download

 


 

Pemwathun Sinase (පෙම්වතුන් සිනාසේ) - Prince Udaya Priyantha

පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවී
විසඳුම් සොයනු කෙසේ

මා තුරුලේ හිඳිනා උනුසුම් යහනාවේ
ඉකිබිඳිමින් හැඬුවා මතකද ගංතීරේ
මගෙ ලොව ඔබවේ නම්  සැකයෙන් ඇයිද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ

මල හිරු බැස යද්දී සඳු පායා ඒවී
අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ
අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ

Singer       :  Prince Udaya Priyantha
Composer :  Nihal Gamhewa
Lyricist      : Nihal Gamhewa

Download


 

Tuesday, March 16, 2021

Sowin Piri Mage Hadawatha (සොවින් පිරී මගේ හදවත) - Sanath Nandasiri

සොවින් පිරී මගේ හදවත තුළින් මතු වෙවී පිටවන
හැඟුම් කැටී ගැසී ගෙන දේ සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
තිබෙන්නා වූ ලෙසට දැනේ ගතට වේදනා

ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බර වී
දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
කනත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී

දෙ අත් සහ දෙපා කොර වී නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී

Artist  : Sanath Nandasiri
Lyrics : Piyal Premanath Jayathilaka
Music  : Sanath Nandasiri


Download





Monday, March 15, 2021

(තනිවෙන්න ඉඩදෙන්න) - Ajith Ariyarathna

තනිවෙන්න ඉඩ දෙන්න
මටයි මගේ හිතටයි
වැලපෙන්න ඉඩ දෙන්න
මටයි මගේ නෙතටයි

යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
සැගවුනි මතකයෙ අග රහසේ
පෙම්කල සිතකට සාප නොකල මැන
වෙන හිතකට පෙම් කල දවසේ

මැකුනු අතීතේ නටබුන් අතරේ
මා තනිවූ දා දිවිකතරේ
වසන්තයේ තුම්මංසල අභියස
ඔබ ඇත ඔහු සුලැඟිලි අතරේ

 Vocal - Ajith Ariyarathna

Download



බ මගෙ සෙනෙහස යදින දිනේ) - Indrajith Dolamulla

ඔබ මගෙ සෙනෙහස යදින දිනේ
මගෙ සිත නැත උණුසුම දුටුවේ
මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ

පෙණපිඩු නංවා සිනා සලා ගෙන
ඈත දියඹ සිට ඔබ ආවා
නිහඬ මුවින් මා වෙරළක් වී හිඳ
ඒ රළ පෙළ මා රිදවූවා

සීතල තරුමල් සුසුම් හෙලන රෑ
තනිකම මගෙ සිත රිදවද්දී
ඔබෙ සුවඳ මා සොයා ඇදුණු දා
ඔබේ සිනා නැත මට හිමිවී

Lyrics - Ranjith Daluwathta
Melody - Indrajith Dolamulla
Vocal  - Indrajith Dolamulla

Download





Sunday, February 14, 2021

Oba Himi Nathi Bawa (ඔබ හිමි නැති බව දැන දැනමයි) - Chandana Liyanarachchi

ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
මගෙ හිත මට වද දෙන එකමයි උනේ හැම වෙලේ
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

සිහින බිඳෙයි කියලා රෑ එළි නොවී තියෙයි
අහිමි ඔයා පතලා වේදනා තව වැඩි වෙයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

ඉවර උනොත් හඬලා මගෙ හිත සැහැල්ලු වෙයි
හිතට දුකයි කියලා නුඹ මා ළඟට නොඑයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

Lyrics - Sheela Perera Koniaris
Vocals - Chandana Liyanarachchi
Music  - Priyantha Nawala


 

Sponsers